තවත් ඩොලර් බිලියන දෙකක් දෙන්න ඉන්දියාව සුදානමින්

තම විදේශ ණය ගෙවාගත නොහැකිව බංකොලොත් භාවයට පත්ව ඇති ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියන දෙකක මුදලක් ලබා දීමට ඉන්දියාව කැමැත්ත ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි.

එමෙන් ම අත්‍යවශ්‍ය ආහාර සහ ඉන්ධන ලබා දීමට ද ඉන්දියාව කැමැත්ත ප්‍රකාශ කොට ඇත.

මේ අතර ශ්‍රී ලංකාවට අවශ්‍ය ආධාර ලබා දීමට තම රට සුදානමින් සිටින බව මෙරට චීන තානාපතිවරයා ප්‍රකාශ කොට ඇතත් ලබා දෙන මුදල් ප්‍රමාණයක් සඳහන් කොට නැත.

මීට පෙර ඩොලර් බිලියන 1.5 කට සමාන මුදලක් චීනයේ යුවාන් මුදලින් ලබා දී ඇති අතර එය කිසි ලෙසකින් වියදම් කළ නොහැකි ලෙස පවතින කොන්දේසි නිසා එම මුදල මහ බැංකුවේ සංචිත මුදලක් ලෙස මේ වන විට පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *