විපක්ෂ මන්ත්‍රීවරයකුට අවම ලන්සුව කොටි පහයි ; ඇමැති ධුරයකුත් දෙයි !

ආණ්ඩුවට එක් වී ඇමතිකම් ලබා ගැනීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රීවරුන්ට මේ වනවිට ඉදිරිපත්වන අව ම ලන්සුව රුපියල් කොටි පහක් වී ඇති බව කියති.

හිටපු ඇමතිවරුන්ට සහ ජේෂ්ට මන්ත්‍රීවරුන්ට මීට වඩා ඉහළ ලන්සු ද ඉදිරිපත් වී තිබේ.

ඊට අමතරව රාජ්‍ය ඇමති ධුරයක් හෝ ඇමති ධුරයක් හෝ පිරිනැමීමට ද යෝජනා ඉදිරිපත් වී තිබේ.

මේ වන විට ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව තුළ 108 දෙනෙකුට සීමා වී ඇති බැවින් 113 ක සරල බහුතරය සකස් කර ගැනීම සඳහා මෙම මන්ත්‍රී ධුර මිල දී ගැනීම ක්‍රියාත්මක කොට ඇති බව කියති. ඒ සඳහා තවත් පස් දෙනෙකුගේ සහය අවශ්‍ය වෙයි.

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාට සෞඛ්‍ය ඇමති ධුරය ලබාදීමට කතා කොට ඇති බව ද හෙළිදරව් වී ය.

මෑතක දී මන්ත්‍රී ගනුදෙනුවක් සිදු වී ඇත්තේ කෝටි පහක අවම ලන්සුව යටතේ බව වයඹ පළාතේ ආරංචි මාර්ග කියයි. එම ආරංචි මාර්ග කියන්නේ මෙහි දී අදාළ මන්ත්‍රීවරයාගේ දේශපාලන අනාගතයම මෙලෙස මිලට ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *