සජිත් විපක්ෂ නායකකම රැකගනී ! අන්තර් පාලනයකට සජබ නැහැ !!

යෝජිත අන්තර් වාර පාලනයකට හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීම සමගි ජන බලවේගය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ සහ එම පක්ෂය දිගට ම විපක්ෂයේ සිටීමට තීරණය කොට ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාගේ විපක්ෂ නායක තනතුර ඒ අනුව සුරක්ෂිත වන බව කියති.
අන්තර් වාර පාලනයකට සම්බන්ධ වුව හොත් සජිත් ප්‍රේමදාස මහතාගේ විපක්ෂ නායක ධුරය අහිමි විය හැකි වීම ඒ මහතා එබඳු පාලනයකට එරෙහි වීමට හේතුවක් වී ඇති බව කියති.
මේ වන විට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ බලය මන්ත්‍රීවරුන් 108 ක් දක්වා අඩු වී ඇති අතර විපක්ෂයේ සිටින සංඛ්‍යාව 116 කි.
එසේ වුව ද , සමගි ජන බලවේගය අන්තර්වාර පාලනයකට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කොට ඇති නිසා විපක්ෂයට බහුතරයක් සකස් කරගැනීම දුෂ්කර වී ඇත.
විපක්ෂයේ පක්ෂ එක්සත් වන්නේ නම් ආණ්ඩුවේ තවත් මන්ත්‍රී පිරිසක් අන්තර් වාර පාලනයකට සම්බන්ධ වීමට කැමැත්ත පළ කොට ඇති බව ද, වාර්තා වී ය.
