ඉන්ධන සලාක ක්‍රමයක් එයි ; පෝලිම් දිගුවෙයි !

ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව ක්‍රියා කොට ඇත.

ඒ අනුව වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ සීමා පනවා තිබේ.

ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 1000 ක් වටිනා තෙල් නිකුත් කරන අතර ත්‍රී වීල් සඳහා නිකුත් කරනුයේ රුපියල් 1500 ක් වටිනා තෙල් ප්‍රමාණයකි.

අනෙකුත් මෝටර් රථ සඳහා ඉන්ධන නිකුත් කරනුයේ වරෙකට රුපියල් 5000 ක් තෙල් ප්‍රමාණයකි.

මෙයින් සිදුවන්නේ තමන්ට නැවත නැවත ඉන්ධන පෝලිමට පැමිණීමට සිදුවීම සහ එමගින් පෝලිම් දිගුවීම බව වාහන හිමියෝ කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *