කොවිඩ් ආසාදිතයින් 278 ක් ඊයෙත් වාර්තා වෙයි. සමස්තය 91,839 යි.

කොවිඩ් 19 ආසාදිතයින් 278 ක් ඊයෙත් අලුතින් වාර්තා වී ඇත. එයින් 260 ක් ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් පොකුරට අයත්වන අතර 18 ක් විදේශවල සිට පැමිණි අය වශයෙන් වාර්තා වෙයි. මෙරටින් සොයාගත් සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 91,839 ක් වශයෙනි. වත්මන් කොවිඩ් පොකුරේ වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 87,196 කි.

තවත් කොවිඩ් මරණයක් ; එකතුව 559 යි

තවත් කොවිඩ් මරණයක් ඊයේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 559 කි. ඊයේ මරණය වාර්තා වී ඇත්තේ කොළඹ 6 ප්‍රදේශයෙනි.

පාස්කු ප්‍රහාරයේ වගකීම ISIS ලෙස භාරගන්නැයි දෙවන සහරාන්ට ඇමතුම දුන් තැනැත්තා හෙළිදරව් නොකරන්නේ ඇයි ? – අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි.

පාස්කු ප්‍රහාරයේ වගකීම ISIS ලෙස භාර ගන්නයි සහරාන් නම ඇති දෙවැනි තැනැත්තකුට දුරකථන ඇමතුමක් දුන් අයකු පිළිබඳව පාස්කු පරීක්ෂණ කොමිසමේ සාක්ෂි මගින් කොමිසමට හෙළි කොට ඇතත් , එම තැනැත්තා  ගැන පරීක්ෂ කොට ප්‍රහාරයේ පිටුපස සිටි බලවේග හෙළිකර ගැනීමට උත්සහ කොට නැත්තේ ඇයිදැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේ ය. සහරාන්…

තවත් කොව්ඩ් මරණයක් සහ ආසාදිතයින් 272 ක් වාර්තා වෙයි ; අසාදිත සමස්තය 91,561 යි

තවත් කොවිඩ් ආසාදිත මරණයක් සහ අලුත් ආසාදිතයින් 272 ක් ඊයේ දිනයේ වාර්තා වී තිබේ . එම නව අසාදිතයින් 272 දෙනා සමගින් මෙරටින් හමු වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 91,561 ක් ලෙස වාර්තා වෙයි. ඊයේ හමුවූ ආසාදිතයින් අතරින් 260 ක්  වත්මන් කොවිඩ් ත්‍රිත්ව පොකුරට අයත් බවත් ඒ අනුව එම පොකුරේ සංඛ්‍යාව 86,936 දක්වා ඉහළ ගොස් ඇති බවත්…

ඊයේ කොවිඩ් ආසාදිතයින් 271ක් ; එකතුව 91,289 ක්

  ඊයේ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 271 ක් ලෙස වාර්තා වෙයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත  අසාදිතයින් සංඛ්‍යාව 91,289 කි. වත්මන් කොවිඩ් ත්‍රිත්ව පොකුරේ අසාදිත සංඛ්‍යාව 86,679 ක් ලෙස වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට ආර්ථික තහංචි එන්නේ ජිනීවාවලින් නොව බ්‍රසල්ස් නුවරින් ලු !

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් රජය පැරදුන ද , ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීමට ඔවුනට හැකියාවක් නැතැයි ආණ්ඩුව කියන කතාවට ප්‍රතිචාර දක්වන ඇතැම් දේශපාලන නිරීක්ෂකයින් කියන්නේ ආණ්ඩුවට ආර්ථික සම්බාධක පැමිණීමට ඉඩ ඇත්තේ ජිනීවා නුවරින් නොව බ්‍රසල්ස් නුවර කේන්ද්‍ර කරගත් යුරෝපා සංගමයෙන් බව යි. ඒ සඳහා වන පළමු අනතුරු ඇඟවීම මේ වනවිටත් රජයට ලබා දී ඇති…

තවත් කොවිඩ් මරණ තුනක් ; එකතුව 557 ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ තුනක් අද දිනයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි. ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 557 කි. අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ පස්සර , නිරිඇල්ල සහ නුවර ප්‍රදේශවලිනි.

ජනාධිපතිවරණය ජයගත්තේ මම යි , ගොටාභය පරාදයි – සජිත් පාර්ලිමේන්තුවේ දී කියයි

පසුගිය ජනාධිපතිවරණයේ දී ගොටාභය රාජපක්ෂ මහතාට ඡන්ද ලක්ෂ 69 ක් ද , තමන්ට ඡන්ද ලජ්ෂ 55 ක් ද , ලැබුණු අතර ඡන්දය නොදුන් ලක්ෂ හතලිහක ජනතාව ගොටාභය රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කළ නිසා එම ඡන්ද ද  තමන්ට හිමිවීමෙන් තමා ජනාධිපතිවරණය ජයගෙන ඇති බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමෙන්තුවේ දී ප්‍රකාශ කළේ ය. ජිනීවා මානව…

අද කොවිඩ් මරණ දෙකයි ; එකතුව 554 යි

අද දිනයේ කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති  කොවිඩ් මරණ සංඛ්‍යාව 554 ක් වෙයි. අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ කොළඹ සහ කොලොන්නාව ප්‍රදේශවලිනි.

සෙරමික් , ටයිල් ,සාරි ණයට ගෙන්න කැබිනට අනුමැතිය

සෙරමික් භාණ්ඩ , ටයිල් සහ සාරි ගෙන්වීමට පනවා තිබු තහනම ලිහිල් කොට ණය පදනම මත එම භාණ්ඩ ආනයනය සඳහා අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත. ඒ අනුව සෙරමික් භාණ්ඩ සහ ටයිල් ගෙන්වීමට අවසර ලබා දෙන්නේ මාස හයකට පසු මුදල් ගෙවීමේ පදනම යටතේ ය. සාරි ගේන්වීම සඳහා අවසර හිමිවන්නේ මාස තුනකින් පසු මුදල් ගෙවීමේ පදනම…

අද ආසාදිතයින් 238 යි ; සමස්තය 91,003 යි

  අද අලුතින් හමු වූ කොවිඩ් 19 ආසාද්දීතයින් සංඛ්‍යාව 238 ක් බව රජය නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 91,003 ක් වශයෙනි. වත්මන් කොවිඩ් පොකුර 86,284 ක් ලෙස සටහන් වී ඇත.

දිනේෂ්ගේ ජිනීවා තියරිය අනුව ජනාධිපතිවරණයෙන් ගෝටාභය ඡන්ද ලක්‍ෂ 95කින් පරාදයි – බිමල් රත්නායක

දිනේෂ් ගුණවර්ධන මහතාගේ ජිනීවා න්‍යාය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 95කින් පරාද බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පෙන්වා දෙන්නේ ඡන්දය දීමෙන් වැලකී සිටි සියලු දෙනා තම පාර්ශ්වයට එක්කර ගන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද ලැබී ඇත්තේ 69 ලක්ෂයක් බවත් ඉතුරු ලක්ෂ 95ක්ම ඡන්ද…