සෙරමික් , ටයිල් ,සාරි ණයට ගෙන්න කැබිනට අනුමැතිය
![]()
සෙරමික් භාණ්ඩ , ටයිල් සහ සාරි ගෙන්වීමට පනවා තිබු තහනම ලිහිල් කොට ණය පදනම මත එම භාණ්ඩ ආනයනය සඳහා අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.
ඒ අනුව සෙරමික් භාණ්ඩ සහ ටයිල් ගෙන්වීමට අවසර ලබා දෙන්නේ මාස හයකට පසු මුදල් ගෙවීමේ පදනම යටතේ ය.
සාරි ගේන්වීම සඳහා අවසර හිමිවන්නේ මාස තුනකින් පසු මුදල් ගෙවීමේ පදනම යටතේ ය.
මේ සඳහා වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීමට නියමිත ය.
