තවත් කොව්ඩ් මරණයක් සහ ආසාදිතයින් 272 ක් වාර්තා වෙයි ; අසාදිත සමස්තය 91,561 යි

තවත් කොවිඩ් ආසාදිත මරණයක් සහ අලුත් ආසාදිතයින් 272 ක් ඊයේ දිනයේ වාර්තා වී තිබේ .

එම නව අසාදිතයින් 272 දෙනා සමගින් මෙරටින් හමු වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 91,561 ක් ලෙස වාර්තා වෙයි.

ඊයේ හමුවූ ආසාදිතයින් අතරින් 260 ක්  වත්මන් කොවිඩ් ත්‍රිත්ව පොකුරට අයත් බවත් ඒ අනුව එම පොකුරේ සංඛ්‍යාව 86,936 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වී තිබේ.

ඊයේ වාර්තා වූ කොවිඩ් මරණයත් සමග මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 558 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *