ජනාධිපතිවරණය ජයගත්තේ මම යි , ගොටාභය පරාදයි – සජිත් පාර්ලිමේන්තුවේ දී කියයි

පසුගිය ජනාධිපතිවරණයේ දී ගොටාභය රාජපක්ෂ මහතාට ඡන්ද ලක්ෂ 69 ක් ද , තමන්ට ඡන්ද ලජ්ෂ 55 ක් ද , ලැබුණු අතර ඡන්දය නොදුන් ලක්ෂ හතලිහක ජනතාව ගොටාභය රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කළ නිසා එම ඡන්ද ද  තමන්ට හිමිවීමෙන් තමා ජනාධිපතිවරණය ජයගෙන ඇති බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමෙන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම ගැන විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ගණන් බලන ආකාරය අනුව මෙය සිදුවිය යුතු බව  ඒ මහතා කීවේ ය.

දිනේෂ් ගුණවර්ධන මහතා කිවේ  ජිනීවා ඡන්ද විමසීමේ දී චන්දය නොදුන් පිරිස සමග ගණන් බැලු විට එයින් ශ්‍රී ලංකාව ජයගෙන ඇති බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *