ජනාධිපතිගේ තර්ජනයට ඇමති මණ්ඩලය යටත්වෙයි ; පොහොර, කෘමිනාශක තහනම එක දිනකින් සම්මතයි

රසායනික පොහොර, කෘමි නාශක සහ වල් නාශක තහනම් කිරීමේ ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ කැබිනට් පත්‍රිකාව ගැන අධ්‍යයනය කොට ප්‍රතිචාර දැක්වීමට ඇමති මණ්ඩල සාමාජිකයින් ඉල්ලු අවස්ථාව ලබා නොදී ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා තර්ජනය කොට එය එක දිනක දී සම්මත කරගෙන ඇති බව වාර්තා වෙයි. ජනතාව තමා පත් කළේ මෙම වෙනස කරන්නට බවත් , එය කල් දමන්නට…

සාමකාමී විරෝධයට ඇති අයිතිය අහිමි කිරීම භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය අහිමි කිරීමක්. -මාධ්‍ය සංවිධාන එකතුව

  ප්‍රභූ රථ පෙළකට යෑම සඳහා පොලිසිය විසින් ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය නතර කිරීමට එරෙහිව පසුගිය දිනෙක සාමකාමී විරෝධයක් දැක්වීමට මූලික වූ බත්තරමුල්ල ප්‍රදේශයේ තරුණයෙකු  පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළා යැයි පවසමින් අත්අඩංගුවට ගත් බව ජනමාධ්‍ය අද (30) උදෑසන වාර්තා කර තිබූ අතර, මෙවැනි අත්අඩංගුවට ගැනීම් හරහා සාමකාමී විරෝධතාවයන් සඳහා ජනතාවට ඇති අයිතිය අහිමි කිරීමේ…

ඊයේ අලුත් කෝවිඩ් රෝගීන් 1491 ක් ; සමාජීය ව්‍යාප්තියක් තව ම පිළිගෙන නැහැ ; නව රෝගීන් අලුත් පොකුරකට !

කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 1491 ක් ඊයේ  (29) දිනයේ දී අලුතින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව මෙතෙක් මෙරට දී හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 107,521කි. අලුතින් හඳුනාගත් කොවිඩ් රෝගීන් අවුරුදු පොකුර නම් අලුත් පොකුරකට ඇතුළත් කිරීමට රජයේ නිවේදන මගින් කටයුතු කොට ඇත. කොවිඩ් සමාජ ව්‍යාප්තියක් සිදු වී ඇති බව රජය තවමත් පිළිගෙන නැත….

සජිත්ගේ කිරින්දේ ප්‍රහාරය පාටලීට ලු ; පාටලීගෙන් නුවර එළියේ දී ප්‍රතිචාර !

සමගි ජන බලවේගය තුළ තමන්ගේ කකුලෙන් අදින පිරිසක් සිටින බවට සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රහාර එල්ල කළේ පාටලී චම්පික රණවක මහතාට බවත් , එයට නුවර එළියේ පැවති රැස්වීමක දී රණවක මහතා ප්‍රතිචාර දක්වා ඇති බවත් වාර්තා වෙයි. හම්බන්තොට කිරින්දේ පැවති ජංගම සේවයේ දී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ පක්ෂය තුළ තම කකුලෙන් අදින පිරිසක්…

පොහොර සහනාධාරය අවසන් ; රසායනික පොහොර තහනම් ; ගොවීන්ට කාබනික පොහොර

රසායනික පොහොර ගෙන්වීම නවතා දමා පොහොර සහනාධාර වෙනුවට ගොවීන්ට කාබනික පොහොර ලබා දීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. වාණිජ වැවිලි ඇතුළු සියලු වගා සඳහා කාබනික පොහොර භාවිතයට යොමු කිරීමට එමගින් යෝජනා කොට ඇත. රසායනික පොහොර ආනයනය සම්පුර්ණයෙන් තහනම් කිරීමට එමගින් යෝජිත ය. සියලු කෘෂි රසායනික ද…

කොවිඩ් අනතුර ඉහළට ම නගී ; අද ආසාදිතයින් 1451 යි

කොවිඩ් වසංගත තත්ත්වය වඩාත් උත්සන්න වෙමින් අද දිනයේ අලුතින් අසාදිතයි 1451 ක් වාර්තා වී ඇත. මෙය දිනක දී වාර්තා වූ වැඩි ම ආසාදිත සංඛ්‍යාව වන අතර එක වර සිදු වූ අති විශාල වැඩි වීමක් ද පෙන්නුම් කරයි. මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව ද 104,923 ක් දක්වා ඉහළ ගොස් තිබේ. රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව ද…

එක දවසට කොවිඩ් ආසාදිතයින් දහසක් පන්නා වාර්තාවක් !

එක දවසක දී හමුවූ කොවිඩ් ආසාධිතයින් සංඛ්‍යාව දහස ඉක්මවා යමින් අද දින වාර්තාගත වැඩි වීමක් පෙන්නුම් කර තිබේ. අද දවස තුළ හඳුනාගත් බව වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1096 කි. කොවිඩ් වසංගතය  ආරම්භ වූ දින සිට අද දක්වා කාලය තුළ  දිනක දී ආසාදිතයන් දහස ඉක්මවා යාම වාර්තා වන්නේ පළමු වතාවට ය. මේ අතර රෝහල්වල…

පක්ෂය ඇතුළේ සිට තම කකුලෙන් අදින පිරිසක් ගැන සජිත්ගෙන් ප්‍රකාශයක්

සමගි ජන බලවේගය පක්ෂය තුළ සිටිමින් තමන්ගේ කකුලෙන් අදින පිරිසක් සිටින බව සජබ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද හම්බන්තොට කිරින්දේ පැවතී විපක්ෂ නායක ජංගම සේවයේ දී ප්‍රකාශ කොට ඇත. එම පිරිස වහා ම පක්ෂයෙන් ඉවත්විය යුතු බව ද ප්‍රේමදාස මහතා එහි දී ප්‍රකාශ කොට තිබේ. එමෙන් ම සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත්…

බුර්කා තහනම ගැන ආණ්ඩුවෙන් ප්‍රකාශ දෙකක්

බුර්කාව ඇතුළු මුහුණු ආවරණය වන ඇඳුම් තහනම් කිරීම සඳහා තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එහි සඳහන් වන්නේසෞඛ්‍ය අංශවල අනුමැතිය ඇති මුව වැසුම් හැර සියලු ම මුහුණු ආවරණ තහනම් වන බව යි. ඒ අතර, කැබිනට්…

හරීන්ට දාන ලෙඩ බලන්න බලන්න රනිල් රෝහලට යයි

එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රෝහල්ගතව සිටින සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට අද රෝහලට  ගොස් ඇත. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන කරුණු විමසීමත් ඔහුට තම සහය පල කිරීමත් වික්‍රමසිංහ මහතාගේ ගමනේ අරමුණ වී තිබේ තමා අත්අඩංගුවට ගැනීමට සුදානම පිලිබඳ තොරතුරු  එහිදී හරීන්…

කොවිඩ් ලක්ෂය පනියි

මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ඒ, ඊයේ  (24) සවස් වන විට හඳුනා ගෙන තිබු  නව කොවිඩ් ආසාදිතයින් 826ක් සමඟය. ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 100517ක් ලෙසිනි.

රිෂාඩ් හා රියාඩ් බදියුදීන් විද්‍යාත්මක ලෙස අත් අඩංගුවට !

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩින් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාඩ් බදියුඩීන් අද දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සබඳතා පැවැත්වීම යන චෝදන යටතේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් එය සිදු කළේ විද්‍යාත්මක සාක්ෂි මත බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත්…