බුර්කා තහනම ගැන ආණ්ඩුවෙන් ප්‍රකාශ දෙකක්

බුර්කාව ඇතුළු මුහුණු ආවරණය වන ඇඳුම් තහනම් කිරීම සඳහා තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එහි සඳහන් වන්නේසෞඛ්‍ය අංශවල අනුමැතිය ඇති මුව වැසුම් හැර සියලු ම මුහුණු ආවරණ තහනම් වන බව යි.

ඒ අතර, කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද පැවතී මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ  පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරගෙන සිටීම තහනම් කිරීම සඳහා නව නීති සැකසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව යි

විශේෂයෙන්ම සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කිරීම මගින් පුද්ගල අනන්‍යතාව තහවුරු කරගැනීම දුෂ්කර වන නිසා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන බැවින් මෙම පියවර ගැනීමට තීරණය කළ බව ඇමතිවරයා සඳහන් කළේ ය.

ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට අදාළ අංශවලට උපදෙස් ලබාදීමට ද මෙහිදී අනුමැතිය හිමිවූ බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *