හරීන්ට දාන ලෙඩ බලන්න බලන්න රනිල් රෝහලට යයි

එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රෝහල්ගතව සිටින සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට අද රෝහලට ගොස් ඇත.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන කරුණු විමසීමත් ඔහුට තම සහය පල කිරීමත් වික්‍රමසිංහ මහතාගේ ගමනේ අරමුණ වී තිබේ
තමා අත්අඩංගුවට ගැනීමට සුදානම පිලිබඳ තොරතුරු එහිදී හරීන් ප්‍රනාන්දු මහතා රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට තමා සූදානම් බවයි.
එහිදී හිටපු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හරීන් ප්‍රනාන්දු මහතා අතර පැයක පමණ සාකච්චාවක් පැවැත් වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම හමුවෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ හරීන් අත් අඩංගුවට ගැනීමට පාස්කු ප්‍රහාරය උපයෝගී කොට ගැනීමට උත්සහ දැරූ රජය දැන් ඔහුට එරෙහිව වෙනත් චෝදනා එල්ල කරමින් සිටින බව යි.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට හිරිහැර කිරීමේ උත්සහයක් මෙයින් පෙන්නුම් කෙරෙන බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.
