කොවිඩ් අනතුර ඉහළට ම නගී ; අද ආසාදිතයින් 1451 යි

කොවිඩ් වසංගත තත්ත්වය වඩාත් උත්සන්න වෙමින් අද දිනයේ අලුතින් අසාදිතයි 1451 ක් වාර්තා වී ඇත.

මෙය දිනක දී වාර්තා වූ වැඩි ම ආසාදිත සංඛ්‍යාව වන අතර එක වර සිදු වූ අති විශාල වැඩි වීමක් ද පෙන්නුම් කරයි.

මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව ද 104,923 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව ද 9000 කට වැඩි බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි.

ගම්පහ රෝහලේ පමණක් 2000 ක් පමණ පිරිසක් ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *