එක දවසට කොවිඩ් ආසාදිතයින් දහසක් පන්නා වාර්තාවක් !

එක දවසක දී හමුවූ කොවිඩ් ආසාධිතයින් සංඛ්‍යාව දහස ඉක්මවා යමින් අද දින වාර්තාගත වැඩි වීමක් පෙන්නුම් කර තිබේ.

අද දවස තුළ හඳුනාගත් බව වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1096 කි.

කොවිඩ් වසංගතය  ආරම්භ වූ දින සිට අද දක්වා කාලය තුළ  දිනක දී ආසාදිතයන් දහස ඉක්මවා යාම වාර්තා වන්නේ පළමු වතාවට ය.

මේ අතර රෝහල්වල ඉඩකඩ ප්‍රශ්න මතුවන තත්ත්වයට රෝහල්ගත රෝගීන් සංඛ්‍යාව් ද ඉහළ යමින් පවතියි.

කොළඹ අයි ඩී එච් රෝහල, කළුබෝවිල, හෝමාගම, ගම්පහ රෝහල්වලට රෝගීන් විශාල සංඛ්‍යාවක් ඇතුළත් වී ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *