ජනාධිපතිගේ තර්ජනයට ඇමති මණ්ඩලය යටත්වෙයි ; පොහොර, කෘමිනාශක තහනම එක දිනකින් සම්මතයි

රසායනික පොහොර, කෘමි නාශක සහ වල් නාශක තහනම් කිරීමේ ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ කැබිනට් පත්‍රිකාව ගැන අධ්‍යයනය කොට ප්‍රතිචාර දැක්වීමට ඇමති මණ්ඩල සාමාජිකයින් ඉල්ලු අවස්ථාව ලබා නොදී ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා තර්ජනය කොට එය එක දිනක දී සම්මත කරගෙන ඇති බව වාර්තා වෙයි.
ජනතාව තමා පත් කළේ මෙම වෙනස කරන්නට බවත් , එය කල් දමන්නට බැරි බවත් කියමින් ජනාධිපතිතුමා මෙම පත්‍රිකාව සම්මත කොටගෙන තිබේ.
සාමාන්‍ය පිළිවෙත වන්නේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට එයට නිරීක්ෂණ ලබා දීමට ඇමති වරුන්ට මෙන් ම අදාල සියලු ආයතනවලට කාලයක් ලබා දීම යි. එසේ වුව ද අප්‍රේල් 27 දා දාතමෙන් ජනාධිපති ඉදිරිපත් කළ කැබිනට් සංදේශය කිසිදු නිරීක්ෂණයකට ඉඩ නොදී එදා ම සම්මත කොට ගෙන ඇත.
රටේ සමස්ත කෘෂිකර්මයට සහ අපනයන වෙළෙඳපොළට බලපාන මෙම පත්‍රිකාව මෙලෙස හදිසියේ සම්මත කරවා ගැනීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ.
මේ අතර කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කොට ඇත්තේ පොහොර නැති වීමෙන් ගොවීන්ගේ අස්වනු අඩු වීමට රජයෙන් වන්දි ගෙවන බවයි.
කෙසේ වෙතත් එලෙස අඩුවන නිෂ්පාදනය නිසා ඇතිවන ආහාර සහ භාණ්ඩ හිගය පියවා ගන්නා ආකාරය ගැන කිසිවක් ආණ්ඩුව මෙතෙක් කියා නැත.
