අද නව කොවිඩ් ආසාදිතයින් 1636 යි ; සමස්තය 108,120 යි ; දිනෙන් දින වැඩි වෙයි

නව කොවිඩ් 19 ආසාදිතයින් 1636 ක් අද දිනයේ අලුතින් වාර්තා වී ඇත. පසුගිය දින කිහිපයේ ම දිනෙන් දින වැඩි වූ මෙම සංඛ්‍යාව අද එහි මෙතෙක් ඉහළ ම අගය වාර්තා කළේ ය.
ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 108,120 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස හඳුනා ගන්නා රෝගීන්ට අමතරව හඳුනා නොගත් සහ රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් විශාල සංඛ්‍යාවක් රට තුල සිටිය හැකි බව සෞඛ්‍ය සේවා අංශ කියයි.
