රිෂාඩ් හා රියාඩ් බදියුදීන් විද්‍යාත්මක ලෙස අත් අඩංගුවට !

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩින් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාඩ් බදියුඩීන් අද දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සබඳතා පැවැත්වීම යන චෝදන යටතේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් එය සිදු කළේ විද්‍යාත්මක සාක්ෂි මත බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත.

රිෂාඩ් බදියුඩීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ බෞද්ධාලෝක මාවත ඔහුගේ නිවසේදී බවත් රියාඩ් බදියුඩීන් අය අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේදී බව මාධ්‍ය ප්‍රකාශකවරයා වඩිදුරටත් කියා සිටියේය.

මෙලෙස මොවුන් අත් අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් වසර දෙකකට පසුව සහ වත්මන් රජය බලයට පත් වී වසර එක හමාරකට පසුව ය.

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහරන් හෂිම්ගේ මාමණ්ඩිය ඇතුළු පිරිසක් ද ඊයේ කුලියාපිටියේ දී අත් අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *