ආණ්ඩුවට සල්ලි නෑ ; රසායනික පොහොර ගෙන්වීම නවතන්න යයි ; වී,තේ, පොල්, රබර් , එළවලු ඇතුළු කෘෂිකර්මය සමග රටත් කොට උඩ !

කවුරුන් කුමක් කීවත් තමන් රසායනික පොහොර ගෙන්වීම නවතා දමන බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේ ය.
ජනධිපතිතුමා කීවේ රසායනික පොහොර සහ කෘෂි රසායනික නිසා මිනිසුන් ලෙඩවන බැවින් ජීවිත රැක ගැනීමට මෙම පියවර ගන්නා බවයි.
කෙසේ වෙතත්, විපක්ෂය කියන්නේ ආණ්ඩුවට කෘෂිකර්මයට අවශ්‍ය පොහොර ගෙන්වීමට වත් මුදල් නැති බවයි
රසායනික පොහොර නිසා ලෙඩ වන බවට මතයක් ඇතැම් පිරිස් විසින් කලක් තිස්සේ සමාජ ගත කොට ඇතත්, එයට විද්‍යාත්මක සාක්ෂි නැති බවත් , එම ගොවිතැනින් වන වාසි එහි හානි විශාල ලෙස ඉක්මවා යන බවත් තතු දත් විද්වත්හු කියති.
රසායනික පොහොර සහ කෘෂි රසායනික ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන් ම දියුණු රටවල් ද නිරන්තරයෙන් පර්යේෂණ කරන බවත් , පසෙහි දිගුකල් පවතින හෝ මිනිස් සෞඛ්‍යයට අහිතකර කිසිවක් කෘෂිකර්මය සඳහා භාවිතයට ඔවුන් අනුමැතිය නොදෙන බවත් කියන විද්වත්හු ශ්‍රී ලංකාවේ යොදාගන්නේ එලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් රසායනික ද්‍රව්‍ය පමණක් බව කියති.
මෙරට රසායනික කෘෂිකර්මය ආරම්භ කළ නවසිය හැට ගණන්වල මෙරට පුද්ගලයකුගේ සාමාන්‍ය ජීවිත අපේක්ෂාව අවුරුදු පනහකට අඩු වූ බවත්, අද එය හැත්තෑ අටක් පමණ දක්වා ඉහළ දමා ගැනීමට අප රටට හැකි වුයේ රසායනික කෘෂිකර්මයෙන් ආහාර නිෂ්පාදනය මෙන් ම වාණිජ නිෂ්පාදන ද ඉහළ යාම නිසා ය.
අනෙක් අතට රසායනික පොහොර නොමැති වීමෙන් වී පමණක් නොව තේ පොල් රබර් ඇතුළු අපනයන කෘෂිකර්මය මෙන් ම එළවලු සහ අනෙක් සියලු කෘෂිකාර්මික නිෂ්පාදන ද බිඳ වැටීමෙන් ආර්ථිකයට දරුණු පහරක් එල්ල වෙයි. එවිට ආර්ථිකයේ අනෙක් ක්ෂේත්‍ර ද පසුබෑමට ලක්වීම නොවැලක්විය හැකි ය.
එවිට රටේ සෞඛ්‍ය සේවා ඇතුළු සියලු සේවා ද බිඳ වැටීම අනිවාර්ය වෙයි. ඒ සමග සිදුවන්නේ ජනතාව ජීවත් කරවීම නොව මිය යාම යි.
මේ ගැන අදහස් දැක්වූ විද්වතෙකු කිවේ තමන් වියතුන් යයි කියාගත් අඳ බාලයින් පිරිසක් රට ඉතා වේගයෙන් අගාධයකට රැගෙන යමින් සිටින බව යි. ඔවුන් රටට වළ කපන ගමන් තමන්ගේ හා ආණ්ඩුවේ ද මිනී වළ කපාගන්නා බව ඔහු වැඩි දුරටත් කීය .
