කොවිඩ් යළිත් අති දරුණු වෙයි ! අද අසාදිතයින් 931 ක් ; සමස්තය 99,653 ක් ; රෝහල් පිරේ

 

අවුරුදු නිවාඩුවට  පෙර බොහෝ දුරට පාලනය වූ තත්ත්වයක් පෙන්නුම් කළ කොවිඩ් වසංගතය යළිත් උත්සන්න වෙමින් අද දිනයේ රෝගීන් 931 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 99,653 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් තුන්වන රැල්ල ලෙස පවසන මෙවර ව්‍යාප්තිය සමග අසාධ්‍ය රෝගීන් වැඩිවීම නිසා අයි ඩී එච් ඇතුළු කොවිඩ් රෝගයට ප්‍රතිකාර කරන රෝහල් රෝගීන්ගෙන් පිරී යන්නට පටන් ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙය නව කොවීඩ් වෛරස ප්‍රභේදයක් නිසා ඇතිවන තත්ත්වයක් බව කියති.

මේ අතර රජයේ එන්නත් වැඩ පිළිවෙල ද පසුබෑමට ලක් ව ඇත්තේ අවශ්‍ය එන්නත් ප්‍රමාණ ලබාගැනීමට ආණ්ඩුව අපොහොසත් වීම නිසා ය.

අද මාධ්‍යයට කළ ප්‍රකාශ අනුව ඉදිරි මාස කිහිපයේ දී එන්නත් ලැබෙන්නේ සුළු ප්‍රමාන වශයෙන් වන අතර අවශ්‍ය තරම් එන්නත් ලැබෙන්නේ සැප්තැම්බර් මාසයෙන් පසුව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *