පාස්කු ප්‍රහාරය ගැන ” මහ මොළ කරු ” හරීන් සී අයි ඩී යට කැඳවයි !

වසර දෙකකට පෙර සිදු වූ පාස්කු ප්‍රහාරය ගැන බොහෝ කරුණු පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වෙයි.
ඒ මහතා අත් අඩංගුවට ගැනීමේ උත්සහයක් ගැන ද ආරංචි පැතිර යමින් තිබේ.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව අනුව මේ වනවිට ප්‍රහාරය ගැන හොඳින් ම දන්නා “මහ මොළ කරු ” ලෙස සලකා සී අයි ඩී ය මෙලෙස ඔහු කැඳවන්නට ඇති බව දේශපාලන අංශවල කතා බහට ලක්ව තිබේ.
කෙසේ වෙතත් ,හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරය හෙළි කළේ පාස්කු ප්‍රහාරය පරීක්ෂා කළ කොමිසම හමුවේ දැනටමත් හෙළි වී ඇති තොරතුරු ය.
