කොව්ඩ් මරණ 42 යි ; ආසාදිතයින් 2837 යි

තවත් කොවිඩ් ආසාදිත මරණ 42 ක් ඊයේ රාත්‍රී වනවිට වාර්තා වී ය. රජය කියන්නේ මෙම මරණ මැයි 14 සිට ඊයේ දක්වා සිදු වූ ඒවා බව යි. එම මරණ මෙතෙක් ගණනය කොට නැති බව ඉන් තහවුරු වෙයි. ඒ අනුව මෙතෙක් මෙරට මියගිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව රජය ප්‍රකාශ කරන අන්දමට 1405 කි. කොවිඩ් රෝගී තත්ත්වය නිසා වෙනත්…

කැනඩා යන්න බෑ කියූ හිටපු නීතිපති දප්පුල උසාවි යන්න සුදානමින් !

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් කැනඩාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාරගැනීම ප්‍රතික්ෂේප කළ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා රජයෙන් වෙනත් තනතුරක් ලබා නොදීම නිසා නීතිඥයකු ලෙස අධිකරණ කටයුතුවල යෙදීමට සුදානමින් සිටින බව වාර්තා වෙයි. මේ මාසයේ විශ්‍රාම ගිය ඔහුට කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය ලබා දීමට ජනාධිපතිතුමා කටයුතු කළේ නීතිපතිවරයා විශ්‍රාම…

අද කොවිඩ් මරණ 38 යි ; නව ආසාදිතයින් 2845 යි

අද දිනයේ නිකුත් වූ නිල සංඛ්‍යා ලේඛන අනුව කොවිඩ් මරණ 38 ක් අලුතින් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සිදු වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1363 ක් වෙයි. අලුතින් කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇති සංඛ්‍යාව 2845 ක් වී තිබේ. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 177,700 දක්වා ඉහළ ගොස්…

රටේ ම එන්නත්කරණය මොරටු ක්‍රමයට කරන බව කී ජොන්ස්ටන්, ජනාධිපති ඉදිරියේ නිරුත්තර වෙයි.

මොරටුවේ එන්නත්කරණයට එහි නගරාධිපති මැදිහත්වීම සාධාරණීකරණය කරමින් රටේ ම එම ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බව කී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා අද පැවතී කොවිඩ් කමිටු රැස්වීමේ දී, ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා මොරටු සිදුවීම හෙළා දැක කතා කරද්දී නිරුත්තරව සිටි බව වාර්තා වෙයි. ජනාධිපති මන්දිරයේ අද පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේ දී ජනාධිපතිතුමා කිවේ මොරටු සිදුවීම ඉතා ම…

මොරටුව නගරාධිපති ජුනි 11 දක්වා රිමාන්ඩ් කරයි

එන්නත්කරණයට බධා  කරමින් හැසිරුණු මොරටු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ජුනි 11 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට ඇත. පොලිස් අත් අඩංගුවට ගත් ඔහු මොරටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කොට තිබේ. එන්නත්කරණය කළ රජයේ වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායමේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ ඔහුට විරුද්ධව පියවර ගෙන ඇත. මෙම සිදුවීම සමාජ මාධ්‍ය…

වීල් බරෝවෙන් , පයින් කඩේ යාමත් තහනම් ; සංචරණ සීමා අඛණ්ඩව දිගට ම

සංචරණ සීමා ජුනි 7 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි. ඒ අනුව කලින් දැනුම් දුන් පරිදි 31 සහ 4 දිනවල සංචරණ සීමා ලිහිල් නොකරනු ඇත. වීල් බැරෝ රැගෙන පයින් ම කඩේ යාම ඇතුළු සියලු සංචරණ සහ මුලින් ම තහනම් ය. මේ අතර ජුනි 1 දා සිට විදේශිකයින් සඳහා රට විවෘත…

එනත්කරණයට බාධා කළ මොරටු නගරාධිපති අත් අඩංගුවට

ඊයේ මොරටුව ප්‍රදේශයේ කොවිඩ් එන්නත්කරණය ක්‍රියාත්මක කළ අවස්ථාවේ එතැනට පැමිණ, වෛද්‍ය වරියකට සහ සෞඛ්‍ය සේවකයන්ට තර්ජනය කරමින් කළහකාරීව හැසිරුණු මොරටුව නගරාධිපති වරයා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. පොලිසියේ දැනුම් දීමකට අනුව ගල්කිස්ස පොලිසියට ඉදිරිපත් වීමෙන් පසු මෙම අත් අඩංගුවට ගැනීම සිදුකොට තිබේ. මෙම අත් අඩංගුවට ගැනීම සිදුකොට ඇත්තේ තම රාජකාරියට නගරාධිපතිවරයා බාධා කල බවට…

ඊයේ කොවිඩ් මරණ 27 යි; ආසාදිතයින් 2589 යි

කොවිඩ් 19 වැළඳීමෙන් සිදු වූ මරණ 27 ක් ඊයේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 1325 ක් වෙයි. නව කොවිඩ් ආසාදිතයින් 2589 ක් ද ඊයේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 174,861 ක් ලෙස සටහන් වෙයි.

කොරෝනා පාලනය දොස්තරලාට පමණක් තනියෙන් කරන්නැයි කියයි.. සෙසු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගෙදර නවතින බව දන්වයි..

වෛද්‍යවරුන් නොවන සෞඛ්‍ය මන්ඩලවල පිරිස් තම රජකාරි සදහා පැමිණෙද්දී මහා මාර්ගයේදී පොලිසිය විසින් අනවශ්‍ය ලෙස සෝදිසි කිරීම සිදුකරන බව වෛද්‍ය රසායනාගාර වෘත්තීය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ වෛද්‍යවරුන් නොවන සෙසු සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට මහා මාර්ගයේ ගමන් කරමින් තම රාජකාරි වලට පැමිණීමට මෙමගින් දැඩි බාධාවක් එල්ල වී ඇති බවයි. වෛද්‍යවරුන්…

වැඩ වර්ජන තහනම් ; ඉන්ධන, වරාය, ප්‍රවාහන, ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනාධිපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

රජයේ සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනාධිපතිතුමා විසින් අති වුශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇත. ඒ අනුව එම සේවා කිසිවක වැඩ වර්ජන, වෘත්තීය ක්‍රියාමාර්ග හෝ සේවයෙන් ඉවත්ව සිටීම තහනම් වනු ඇත. වරාය, ඉන්ධන සැපයුම, පොදු ප්‍රවාහන, මහ බැංකුව, සියලු බැංකු සේවා , ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරී සේවය ඇතුළු සේවා රැසක් මේ අනුව අත්‍යවශ්‍ය සේවා…

කොවිඩ් මරණ 29 ක් ; ආසාදිතයින් 2325 ක්

ඊයේ  කොවිඩ් 19 මරණ 29 ක් වාර්තා වී ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිතව මියගිය සංඛ්‍යාව 1298 දක්වා ඉහළ ගියේ ය. ඊයේ අලුතින් වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2325 කි. මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 172,225 දක්වා ඉහළ ගොස් තිබේ.  

ජනතාවට ජුනි 7 දක්වා රට වැහුවත් විදේශිකයින්ට 1 දා සිට අරියි

විදේශවල සිට පැමිණෙන්නන් සඳහා ජුනි 1 දා සිට රට විවෘත කිරීමටත් ගුවන්සේවාවලට ඉඩ දීමටත් රජය තීරණය කොට ඇත. මෙය සිදුවන්නේ රටේ ජනතාව සඳහා දැඩි සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කර තිබිය දී ය. දින ගණනකට වරක් සංචරණ සීමා ලිහිල් කළ ද වාහනවලින් යාම පවා තහනම් කොට ඇත. මේ අතර යුක්රේනය සහ වෙනත් රටවලින් සංචාරකයින්…