රටේ ම එන්නත්කරණය මොරටු ක්‍රමයට කරන බව කී ජොන්ස්ටන්, ජනාධිපති ඉදිරියේ නිරුත්තර වෙයි.

මොරටුවේ එන්නත්කරණයට එහි නගරාධිපති මැදිහත්වීම සාධාරණීකරණය කරමින් රටේ ම එම ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බව කී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා අද පැවතී කොවිඩ් කමිටු රැස්වීමේ දී, ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා මොරටු සිදුවීම හෙළා දැක කතා කරද්දී නිරුත්තරව සිටි බව වාර්තා වෙයි.
ජනාධිපති මන්දිරයේ අද පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේ දී ජනාධිපතිතුමා කිවේ මොරටු සිදුවීම ඉතා ම කැත බවයි.
රැස්වීමට සහභාගී වී සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා එයට කිසිවක් කියා නැත. නාමල් රාජපක්ෂ ඇමතිවරයා කීවේ මොරටු සිද්දිය අහම්බයක් බවයි. “ඔව්, මම දන්නවා” කියා ජනාධිපතිවරයා කියා ඇත.
ජනාධිපතිවරයා අවවාද කොට ඇත්තේ එවැනි සිදුවීම් යලි ඇති නොකිරීමට බව කියති.
