මොරටුව නගරාධිපති ජුනි 11 දක්වා රිමාන්ඩ් කරයි

එන්නත්කරණයට බධා කරමින් හැසිරුණු මොරටු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ජුනි 11 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට ඇත.
පොලිස් අත් අඩංගුවට ගත් ඔහු මොරටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කොට තිබේ.
එන්නත්කරණය කළ රජයේ වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායමේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ ඔහුට විරුද්ධව පියවර ගෙන ඇත.
මෙම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග නගරාධිපතිවරයාගේ නීති විරෝධී ප්‍රචණ්ඩ හැසිරීමට එරෙහිව විශාල ජන මතයක් ගොඩ නැගී තිබේ.
