ගිනිගත් නැවෙන් පරිසරයට හානි වුණත් වන්දිය ලොකු යි – වාසු

කොළඹ වරාය ආසන්න මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ නැවෙන් ශ්‍රී ලංකාව අවට පරිසරයට විශාල හානියක් සිදු වුව ද , එම නැවෙන් ලැබෙන විශාල වන්දි මුදල මේ අවස්ථාවේ හැටියට ආණ්ඩුවට විශාල සහනයක් වනු ඇති බව ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
මීට පෙර ශ්‍රී ලංකා මුහුදේ දී ගිනිගත් නැවෙන් ද එබඳු විශාල වන්දියක් ලැබුණු බව ඇමතිවරයා කියයි.
කොළඹ පැවතී මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කොට කො තිබේ.
අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් 5000 ක හදිසි ආධාර දීමනාව ආණ්ඩුව මෙවර ද ලබා දෙනු ඇති බව ද ඇමතිවරයා කියයි.
