ප්‍රභූ ජංගම වෛද්‍ය සේවා පෞද්ගලික අංශයෙන් – රජයේ වෛද්‍යවරු ඉවත් වෙති

ප්‍රභූ ගිලන්රථ සඳහා වෛද්‍ය සේවා මින් ඉදිරියට පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමට සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
රජයේ වෛද්‍ය නිලධාරීන් එම සේවාවලින් ඉවත්වීමට තීරණය කිරීම නිසා එම තත්ත්වය උද්ගතව ඇත.
ජනාධිපතිවරයා,අගමැතිවරයා,විපක්ෂ නායක ඇතුලු ප්‍රභූ සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු සදහා ජංගම ගිලන් රථ සේවාවලින් ඉවත්වීමට තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ ප්‍රකාශ කළේය.
ඒ අනුව නොවැම්බර් මස 01වැනිදා සිට එම ඉවත්වීම සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසීය.
ඉදිරියේදී වසාදැමීමට නියමිත පර්යන්තයේ රෝහල් වසාදැමීමට තීරණය කර තිබෙන අතර එය අදියර කිහිපයක් යටතේ සිදුකිරීමටද නියමිත බව අලුත්ගේ මහතා පැවසුවේය.
නොවැම්බර් පළමුවැනිදා සිට ඕනම මොහොතක පළාත් මට්ටමින් වැඩ වර්ජන සිදුකිරීමටද තීරණයක් ගෙන ඇති අතර ආර්තික යුක්තිය ඉටුකරන්නේ නැත්නම් දීප ව්‍යාප්ත වර්ජනයක් දක්වා යාමට සූදානම් බවද ඔහු ප්‍රකාශ කළේය.
