ගෝඨාභය හමුවන්න සජිත්, කබීර් හෂිම්ව යවන විට රනිල්, සාගල රත්නායක යවලා.

මහින්ද රාජපක්ෂ මහතාගේ පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බව කියන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හමුවීමට සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිතයා ලෙස කබීර් හසීම් මහතා පසුගිය ඉරිදා යන විට රනිල්ගේ නියෝජිතයා සාගල රත්නායක මහතා කලින්ම ගොස් ගෝඨාභය හමුවී සාකච්ඡා කරමින් සිටි බව වාර්තා වෙයි.

සාගල රත්නායක මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ දිගටම රැඳී සිටීම නිසා කබීර් හසීම් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසා ඉක්මනින්ම පිටව ආ බවද දැනගන්නට ලැබේ.

කෙසේ වෙතත් මොවුන් එහි ගියේ ගෝඨාභයගේ සුවදුක් විමසීමට නොවන බවත් එජාප ජනපති අපේක්ෂකත්වය නොලැබුනොත් ගන්නා ක්‍රියාමාර්ග සඳහා මග හදාගැනීම මෙහි අරමුණ වූ බවත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

සාගල,කබීර් ගෝඨාභයගේ නිවසට යනවිට මහින්ද රාජපක්ෂ මහතාද එම නිවසේ සිට ඇති බව වාර්තා වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *