කටුනායක වැසිකිළිවලට හෑන්ඩ් ෂවර් වෙනුවට ටොයිලට් ටිෂූ
කටුනායක ගුවන්තොටුපොළේ පවතින වැසිකිළියන්හි පවතින හෑන්ඩ් ෂවර් (Bidet shower) ඉවත්කර තිබේ. ඒ වෙනුවට ටොයිලට් ටිෂූ (වැසිකිළි ටිෂූ) සෑම වැසිකිළියකමට තබා තිබේ.
වතුර භාවිත කිරීම හේතුවෙන් ගුවන්තොටුපොළේ පවතින වැසිකිළි නිතරම තෙත සහිත තත්ත්වයෙන් තිබෙන නිසා ඒ වෙනුවට සිංගප්පූරු ක්‍රමයට ටොයිලට් ටිෂූ වැසිකිළිවලිට තැබූ බවත් ගුවන් තොටුපොළ බලධාරීහු කියති . වැසිකිලි තෙත්ව තිබීමට විදේශිකයන් දැඩි අකමැත්තක් දක්වන නිසා ඔවුන්ගේ පහසුවට මෙම පියවර ගත බව ඔවුහු වැඩිදුරටත් කියති .
කෙසේ වෙතත් සෝදා පිරිසිදුවීමට පුරුදුව සිටින ශ්‍රී ලාංකිකයෝ මේ සිදුවීම හේතුවෙන් බලවත් අපහසුතාවට පත්ව සිටිති .
–
