බාල බෙහෙත් ගෙනා චෝදනා ලබන ඇමති කෙහෙළිය බෙහෙත් හතක් ගන්න ලෙඩෙක් – විත්තියේ නීතිඥ අධිකරණයට කියයි

රජයේ රෝහල්වල භාවිතය සඳහා බාල බෙහෙත් ගෙන්වීම සම්බන්ධ චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විවිධ රෝග ගණනාවක් සඳහා නිතිපතා බෙහෙත් වර්ග හතක් භාවිතා කරන රෝගියකු බව විත්තියේ නීතිඥ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අද මාලිගාවත්ත අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කොට ඇත.
තම සේවා දායකයාට එරෙහිව සාක්ෂි නැති බවත්, ෆයිල් නැති වුණාට ඇමතිවරයා වරදකරු නොවන බවත්, ප්‍රකාශ කළ නීතිඥ තුමා රෝගියකු වන ඇමතිවරයා නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
