|

ලන්සා පිලට තරවටු කරන්න පොහොට්ටුවෙන් ජී එල් ට විනය පරීක්ෂණ !

 

සමගි ජන බලවේගය සමග සන්ධාන ගත වූ මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු පිරිසට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළේ වෙනත් පක්ෂ සමග සන්ධාන ගොඩ නගමින් සිටින නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා  ඇතුළු කණ්ඩායමට තරවටුවක් ලෙස බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව තීරණය කොට ඇත්තේ එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත් වී වෙනත් පක්ෂ සමග සන්ධාන  ගතවන සියලු දෙනාට එරෙහිව විනය පියවර ගත යුතු බව යි.

ලෙසේ වෙතත්, එලෙස සන්ධාන ගතවන පිරිස ගණනින් ඉතා වැඩි නිසා මෙන් ම පාර්ලිමේන්තු මැතිවරණය ද ආසන්න වෙමින් පවතින නිසා මෙම තර්ජන එතරම් ඵලදායී නොවන බව ද දේශපාලන අංශවල මතය වී තිබේ.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *