|

බොරු කියන්න එපා ! රජයෙ මුදලින් මා කෑම කෑවේ නැහැ – බිමල්ගේ කතාවට හිටපු කථානායකගෙන් පිළිතුරක්

කතානායක ලෙස සිටියදී තමන්ගේ පෞද්ගලික ආහාර රජයේ මුදලින් ලබා නොගත් බවත්, තමන්ගේ නිල වාහන සඳහා ලබාගෙන ඇතැයි කියන ඉන්ධන මිල ගණන් පිළිගත නොහැකි තත්ත්වයේ වන බවත්, ඒ පිළිබඳව විගණනයක් කළ යුතු බවත්, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

වාහන තුනකට මාස නවයකට ලක්ෂ 334 ක් වැය වීම සිදු විය නොහැකි බවත්, ධාවන සටහන් පාර්ලිමේන්තුවේ ඇති බැවින් ඒ පිළිබඳව විගණනයක් කළ යුතු බවත් ඒ මහතා කියයි.

මේ සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුවේ සභානායක හා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (03) එම නිවේනදය නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ, 2025 පෙබරවාරි මස 27 වන දින පාර්ලිමේන්තුවේදී සභානායකවරයා විසින් කරන ප්‍රකාශය සාවද්‍ය බවය.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *