|

ඇමැති මණ්ඩලයේ නාමලේඛණය GMOA අනුමැතියට යොමු කරනවා – නලීන් බණ්ඩාර

ඇමැති මණ්ඩලයට පත් කරන්නේ කවුරුන්ද යන්න ලේඛණය සකස් කර එය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුමැතියට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් නොකරන ලෙසත් එසේ පත් කළ හොත් දැඩි අර්බුදකාරී තත්ත්වයකට හේතු වනු ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබිණි.

මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා උක්ත ආකාරයට සඳහන් කරන ලද්දේ එම මාධ්‍ය සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *