මෛත‍්‍රී, රාජපක්ෂ උස්සලා පොළවේ ගැසුවා.. ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

මෛත‍්‍රී මහින්ද කුමන්ත‍්‍රණයට දින 50යි අදට. මේ කුමන්ත‍්‍රය ආරම්භ කරපු මොහොතේ ජවිපෙ කිව්වා ඒක පරද්දනවා කියලා. ඒක ඒ විදියටම කළා. ඉන් පස්සේ තමයි එම ජයග‍්‍රහණය සනිටුහන් කරන මේ ජනතා රැුලිය පවත්වන්නේ. ජවිපෙ ඉතාම ¥රදර්ශීයව තමයි මේ කටයුත්තට මැදිහත් වුණේ. ඔක් 26වෙනිදා කුමන්ත‍්‍රණය සිදු වුනු වෙලාවේ සමහරු කිව්වා මේක ව්‍යවස්ථා අර්බුදයක් කියලා. රනිල් මෛත‍්‍රී පෞද්ගලික ප‍්‍රශ්නයක් කිව්වා. ජවිපෙ පැහැදිළිව කිව්වා මේක දේශපාලන කුමන්ත‍්‍රණයක් කියලා. මෛත‍්‍රීට ඊළඟ ජනපති අපේක්ෂකයා වෙන්න මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ හොරකම් වහගන්න තමයි මේ කුමන්ත‍්‍රණය කළේ. මෛත‍්‍රී ව්‍යවස්ථාවට පටහැනිව වැඩකළා. ව්‍යවස්ථාවට පිටින් අගමැති පත්කළා. දෙවැනි වතාවට ව්‍යවස්ථාව කඩලා පාර්ලිමේන්තුව විසුරුවාහැරියා. නොවැ. 13වෙනිදා අධිකරණය ඓතිහාසික තීන්දුවක් දුන්නා. විධායක ජනාධිපති ගත්ත අත්තනෝමතික තීරණයක් වාරණය කළා.
කණ්ඩායමක් 19යේ ප‍්‍රශ්න තියෙනවා කියලා පට්ටපල් බොරු කිව්වා. නීති විශාරදයොත් බොරු තර්ක දැම්මා. නමුත් ඒ තර්ක බොරු කියලා ඔප්පු වුනා. 19ට අපි වැදගත් වගන්තියක් දැම්මා මන්ත‍්‍රීකම් විකුණන ක‍්‍රමය නවත්වන්න. මන්ත‍්‍රීවරු පැන්නොත් මන්ත‍්‍රී ධුරය අහෝසි කළ යුතුයි කියලා. ඒත් විජයදාස, දිනේෂ් ගුණවර්ධන එකතුවෙලා ඒක ඉවත් කරගත්තා. ඒ ප‍්‍රගතිශීලි සංශෝධනය ඉවත් කළේ එජාප ශ‍්‍රීලනිප පක්ෂ දෙක එකතු වෙලා. 19 අඩුපාඩු නැහැ, ඉස්පිලි පාපිලි අඩුවක් නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් විනිසුරු මඩුල්ලේ තීන්දුවෙන් ඔප්පු වුනා. උන්නැහෙලාගේ තර්ක පරාජයට පත්වුණා. මෛත‍්‍රී විතරක් නෙවෙයි ඒ කණ්ඩායමම පරාදයි. මෛත‍්‍රී තවදුරටත් ව්‍යවස්ථාව කඩනවනම් සිහි විකල්ලෙන් වැඩකරන බවට දෝෂාභියෝගයක් ගේන්නත් පුළුවන්. ඒවත් පාවිච්චි කරන්න අපි සූදානම්. දැනටත් ඔහු වැරදිකාරයෙක් වෙලා ඉවරයි. මේ ව්‍යවස්ථාව උල්ලංගණය කරපු වරදට ප‍්‍රජා අයිතියත් අහෝසි කරන්න පුළුවන්. අද මෛත‍්‍රී පරාජය භාර අරගෙන ඉවරයි. මහින්දට ඉල්ලා අස්වෙන්න සිදුවෙලා ඉවරයි. ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට මහින්ද රාජපක්ෂ ඉන්ටර්ඩික් කළා. ඒකට එරෙහිව අධිකරණයට ගියා. නමුත් අධිකරණයෙන් ඒ තහනම දීර්ඝ කළා.
මෛතී‍්‍ර අත් දෙක දික්කළේ මහින්ද රාජපක්ෂ වඩාගන්න කියලා මහින්ද හිතුවා. ඒත් මෛත‍්‍රී ඇත්තටම කළේ මහින්ද රාජපක්ෂ උස්සලා පොළවේ ගහපු එක. උස්සලා පොළවේ ගැහුව්වාම හතර හන්දි කැඩෙනවා. මාරාන්තික තත්වයකට පත්වෙලා ඉවරයි. දැන් කියනවා ඉල්ලා අස්වුණා කියලා. අස්වුණා නෙමෙයි අස්කළා. මේ රටේ ප‍්‍රගතිශීලි ජනතාව එකතුවෙලා මහින්ද අස්කළා. දමනය කළා. ඔබට හිමි මැදමූලනේ බාල්කේ විතරයි. ගිහින් එදා එල්ලූනා වගේ අදත් එල්ලෙන්න පුළුවන්.
මේ රටේ ජනතාවයි ජනතා විමුක්ති පෙරමුණයි විතරයි දිනුවේ. එජාපය හිතනවා මේක එයාලගේ ජයග‍්‍රහණයක් කියලා. එජාපේ මන්ත‍්‍රීවරු ඇමතිවරු හයක්ම පැන්නා. අධිකරණ ඇමති විජයදාසත් පැන්නා. කුමන්ත‍්‍රණයට පැන්නා. අශෝකලා, නාවින්නලා, ගන්කන්දලා, සල්ලි නැතිකමටද? සල්ලිවලට තණ්හාවෙන් පැන්නා. එජාප පාක්ෂිකයෝ පාවලා දුන්නා. ඒ නිසා රනිල්ගේ හෝ එජාපයේ ජයක් නෙවෙයි මේක. මේ රටේ ප‍්‍රගතිශීලි, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සටන් කරන ජනතාවගේ ජයග‍්‍රහණයක්. දැන් එජාපයේ නායකයෝ හිතනවා දැන් පරණ විදියටම ඇමතිකම් අරගෙන පරණ විදියටම පාලනය ගෙනියන්න. නමුත් ජවිපෙ අපි කියනවා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, ජනතා විරෝධී වැඩ කරන්න හදන්න එපා. තාවකාලික සතුටින් මහබැංකු හොරකම් වහගන්න හදන්න එපා. උසාවි තීන්දුව දුන්න ගමන් ලේක්හවුස් එක ළඟ එජාප මැරයෝ හැසිරුණේ කොහොමද? රාජපක්ෂලාගේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රියා වගේම ඒවත් පරද්දන්න අපි පෙළගැසී ඉන්නවා. හැමදෙනාගේම කැපකීරීමට අද ජයක් ලැබිලා තියෙනවා. මේ ජය සැබෑ ජනතා ජයග‍්‍රහණයක් දක්වා ගෙනියන්න අපිත් එක්ක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයින්, කලාකරුවන් වෘත්තීයවේදීන් පෙළගැසී ඉන්නවා.

මානෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *