ඩොලර් අර්බුදය : කබ්රාල් බෝලය බැසිල්ට පාස් කරයි

රටේ විදේශ විනිමය සංචිත පිරිහීමේ ප්‍රශ්නයට ඉක්මන් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව මුදල් අමාත්‍යංශයට දැනුම් දීමක් කර ඇති බව වාර්තා වෙයි. ඒ සඳහා මුදල් අමාත්‍යාංශය ගත යුතු පියවර ගණනාවක් ද ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යංශයට දැනුම් දී ඇත.
ඒ අනුව , විදේශ ආයෝජන ලබා ගැනීමට, රටේ අපනයන වර්ධනය කිරීමට සහ විදේශ වෙත ගලා යන විදේශ විනිමය ප්‍රමණය අඩු කිරීමට ඉක්මන් පියවර ගත යුතු බව මහ බැංකුව , මුදල් අමාත්‍යංශයට දැනුම් දී ඇති බව තතු දත් අංශ වාර්තා කොට තිබේ.
එමෙන් ම , මේ සඳහා ගන්නා පියවර කැබිනට මණ්ඩලයට වහාම ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගත යුතු බව ද මහ බැංකුව දැනුම් දෙයි.
කෙසේ වෙතත්, මෙම අර්බුදයට හේතු වූ බව ආර්ථික විද්‍යාඥයන් කියන මහ බැංකුවේ අසීමිත මුදල් නෝට්ටු මුද්‍රණය, ඩොලරයේ අගය යථාර්ථවාදී නොවන ලෙස පාලනය කිරීම ආදිය ගැන මහ බැංකුව ඉදිරියේ දී ගන්නා පියවර පිළිබඳව කිසිවක් දැන ගන්නට නැත.
ශ්‍රී ලංකා මහ බැංකුව සහ එහි අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය කාලයේ කීවේ විනිමය අර්බුදයට තමන් ළඟ විසඳුම් ඇති බව සහ ඉක්මනින් ප්රශ්නය විසඳන බව යි. කෙසේ වෙතත්, මහ බැංකුව විසින් මුදල් අමාත්‍යංශයට කර ඇති මෙම ලිඛිත දැනුම් දීමෙන් පෙනී යන්නේ එම වගකීම ඇත්තේ මුදල් අමාත්‍යංශයට බව යි.
