|

ජනතාව ලක්ෂ ගණනින් පාරට බස්සන්න හැකියාව තිබුනත් එසේ කළේ නැහැ – සජබ මන්ත්‍රී එස් එම් මරික්කාර්

 

ආණ්ඩුවට එරහිව ලක්ෂ ගණනක් ජනතාව පාරට බස්සන්න තමන්ට හැකියාව තිබුණ ද වගකිව යුතු විපක්ෂයක් ලෙස තමන් එසේ නොකළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකශ කළේය.

සංචාරක කර්මාන්තයට , ආයෝජනවලට ඇතිවිය හැකි බලපෑම සලකා මෙතෙක් ජනතාව පාරට බැස්සවීම නොකළ ද පළාත් පාලන චන්දය කල් බඩුම හොත් ජනතාව සමග පාරට බසින බව ඒ මහතා කී ය.

කෙසේ වෙතත්, පසුගිය සතියේ ඒ මහතා කීවේ 11 දා පක්ෂ සමුළුවට ලක්ෂ සංඛ්‍යාත ජන ගඟක් කොළඹට කැඳවන බවයි. එබඳු ජනකායක් එම සමුළුවට සහභාගී වුයේ නැත.

ඒ ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට මරික්කාර් මහතා කීවේ පැමිණි සෙනග ෆේස් බුක් එකෙන් පෙනෙන්නට තිබුණු බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *