ඔලුවේ අශුචි ගෙනයන්න එපා ! – ජනාධිපතිට පෝයදා නියම ධර්ම දේශනයක්
සැම පෝය දිනකම රුපවාහිනියේ විකාශය කෙරෙන ජනපති සදහම් යාත්‍රා මෙවර විකාශනය කරන ලද්දේ පන්නිපිටියේ රුක්මලේ ශ්‍රී විජයවර්ධනාරාමයේ සිටයි . ජනාධිපති තුමාගේ ආරාධනයෙන් ධර්ම දේශනය පවත්වන ලද්දේ කෝට්ටේ සංග සභාවේ අනුනායක බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්යක්ෂ මහාචාර්ය දොඩම්පහල රාහුල හිමියන් විසිනි .
ධර්ම දෙශනයෙන් කියවුනේ නායකයින් කටයුතු කලයුතු ආකාරයයි . තමන්ගේ මතයම හරියයි සිතමින් හිට්ලෙර්ලා මෙන් කටයුතු නොකළයුතු බවද දේශනා කෙරුණි .
එහිදී උපමා කතාවක් කියූ දේශකයාණන් වහන්සේ පෙර කලක එක් මනුස්සයෙක් ගමනක් යනවිට වියලුනු අශුචි ගොඩක් දැක එය හිසේ තබාගෙන ගමන් කරන්නට වූ බවත් කවුරු කිවත් එය බිම තැබුවේ නැති බවත් කිහ . මිනිසා දිගටම අශුචි ඔලුවේ තබාගෙන ගියේ තම ඌරන්ට එය ප්‍රයෝජනවත් බව කියමිනි . එසේ යනවිට ධාරානිපාත වැස්සක් ඇද හැළුණු බව කිදේශකයාණන් වහන්සේ එවිට සිදුවන දේ කිව යුතු නෑ නේදැයි විමසුහ.
ජනාධිපතිතුමා ඇතුළු විශාල පිරිසක් දේශනයට සවන් දී සිටියහ .
https://www.facebook.com/yukthiyalk/videos/2181935085390867/
