කොව්ඩ් මරණ 42 යි ; ආසාදිතයින් 2837 යි

තවත් කොවිඩ් ආසාදිත මරණ 42 ක් ඊයේ රාත්‍රී වනවිට වාර්තා වී ය.
රජය කියන්නේ මෙම මරණ මැයි 14 සිට ඊයේ දක්වා සිදු වූ ඒවා බව යි. එම මරණ මෙතෙක් ගණනය කොට නැති බව ඉන් තහවුරු වෙයි.
ඒ අනුව මෙතෙක් මෙරට මියගිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව රජය ප්‍රකාශ කරන අන්දමට 1405 කි. කොවිඩ් රෝගී තත්ත්වය නිසා වෙනත් රෝග උත්සන්න වී මියගිය සංඛ්‍යා මෙයට ඇතුළත් නැත.
ඊයේ අලුතින් වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2827 කි.
ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 180,538 ක් ලෙස නිල සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි.
