එනත්කරණයට බාධා කළ මොරටු නගරාධිපති අත් අඩංගුවට

ඊයේ මොරටුව ප්‍රදේශයේ කොවිඩ් එන්නත්කරණය ක්‍රියාත්මක කළ අවස්ථාවේ එතැනට පැමිණ, වෛද්‍ය වරියකට සහ සෞඛ්‍ය සේවකයන්ට තර්ජනය කරමින් කළහකාරීව හැසිරුණු මොරටුව නගරාධිපති වරයා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිසියේ දැනුම් දීමකට අනුව ගල්කිස්ස පොලිසියට ඉදිරිපත් වීමෙන් පසු මෙම අත් අඩංගුවට ගැනීම සිදුකොට තිබේ.

මෙම අත් අඩංගුවට ගැනීම සිදුකොට ඇත්තේ තම රාජකාරියට නගරාධිපතිවරයා බාධා කල බවට එම එන්නත් කිරීම භාරව සිටි වෛද්‍යවරිය කළ පැමිණිල්ලකට අනුව ය.

තමන් නිකුත් කළ ටෝකන් පතට හැර වෙනත් කිසිවකුට එන්නත් නොදෙන ලෙස නගරාධිපතිවරයා  බල කළේ එසේ නොකරන්නේ නම් කිසිවෙකුට එන්නත් දීමට ඉඩ නොදෙන බව කියමිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *