ජනතාවට ජුනි 7 දක්වා රට වැහුවත් විදේශිකයින්ට 1 දා සිට අරියි

විදේශවල සිට පැමිණෙන්නන් සඳහා ජුනි 1 දා සිට රට විවෘත කිරීමටත් ගුවන්සේවාවලට ඉඩ දීමටත් රජය තීරණය කොට ඇත.
මෙය සිදුවන්නේ රටේ ජනතාව සඳහා දැඩි සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කර තිබිය දී ය.
දින ගණනකට වරක් සංචරණ සීමා ලිහිල් කළ ද වාහනවලින් යාම පවා තහනම් කොට ඇත.
මේ අතර යුක්රේනය සහ වෙනත් රටවලින් සංචාරකයින් ගෙන්වීමට ද සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි.
