ඊයේ පත් වූ මුදල් ඇමති අලි සබ්රි අද ඉල්ලා අස්වෙයි ; නව ක්‍රියා මාර්ගයක් ඉල්ලයි

නව මුදල් අමාත්‍ය ලෙස ඊයේ දිවුරුම් දුන් නීතිඥ අලි සබ්‍රි මහතා අද ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මීට සුළු මොහොතකර පෙර යොමු කර  තිබේ. වත්මන් අර්බුදය විසඳීමට සම්පුර්ණයෙන් නව ක්‍රියා මාර්ගයක් අවශ්‍ය බවත්, එයට ඉඩ සැලසීම සඳහා තමා ඉල්ලා අස්වන බවත් අලි සබ්රි මහතා තම ඉල්ලා අස්වීමේ ලිපියේ…

ආණ්ඩුවෙන් මන්ත්‍රීවරු 44 ක් මේ වන විට ඉවත්වෙති

මෙතෙක් ආණ්ඩු පක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් 44 දෙනෙකු මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධින වන බව ප්‍රකාශ කොට ඇත. ශ්‍රීලනිප 14 ක්, පක්ෂ 10 කණ්ඩායමෙන් 16 ක්, ලංකා කම්කරු කොන්ග්‍රසයේ 2 ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ 12 ක් වසයේ මෙම පිරිස ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී ස්වාධින වන බව ප්‍රකාශ කොට තිබේ.

මහ බැංකු අධිපති ධුරයට ආචාර්ය නන්දලාල් වීරසිංහ

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය පී නන්දලාල් වීරසිංහ  මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කිරීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි. මහ බැංකු අධිපති ධුරාජ භාරගන්න ලෙස රජය ඒ මහතාගෙන් ඉල්ලා ඇති අතර ඒ මහතා එම ඉල්ලීම පිළිගෙන ඇත. මේ වනවිට ඕස්ට්‍රේලියාවේ සිටින ප්‍රනාන්දු මහතා දිවයිනට පැමිණ අනිද්දා 7 දා…

කම්කරු කොන්ග්‍රසය ආණ්ඩුවෙන් ඉවත්වෙයි

ලංකා කම්කරු කොන්ග්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වී ඇත. පක්ෂ නායක ජීවන් තොන්ඩමන් මහතා සිය රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් වූ බවත් තම පක්ෂය තව දුරටත් ආණ්ඩුවට සහය නොදෙන බවත් එම පක්ෂය ප්‍රකාශ කරයි.

ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති පවුල පිටින් රටින් ගිහින්

ඇවන්ට්ගාඩ් ව්‍යාපාරයේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතා සහ ඔහුගේ පවුලේ උදවිය රටින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි. ඊයේ උදේ 8.20 ට යු එල් 102 දරන යානයෙන් ඔවුන් මාල දිවයින බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග හෙළි කොට ඇත.

අද කොවිඩ් මරණ 4 ක් ,නව අසාදිතයින් 112 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ නිවේදන අනුව අද දිනය තුළ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 4 ක් වන අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 112 ක් වෙයි ඒ අනුව මෙරටින් මෙතෙක් වරත වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,485 කි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ 662,103…

ඇමති ධුර භාර ගන්නැයි ජනාධිපති සියලු පක්ෂවලට කියයි

ඇමති ධුර භාරගෙන රටේ ජාතික අර්බුදයට විසන්දුන් සෙවීමට එක වන ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලින් ඉල්ලීමක් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් මගින් කියයි. එම නිවේදනය පහත පලවෙයි

මහබැංකු අධිපති කබ්රාල් ඉල්ලා අස්වෙයි

  ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන්  අද (04) පෙරවරුවේ  ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. ඔහු  සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද පෙරවරුවේ යවා  ඇත. කැබිනට් මණ්ඩලය ඉල්ලා ඇති බැවින්  තමා ද  මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව කබ්රාල් මහතා ට්විටර් ගිණුමේ සටහනක් තබමින්…

තාවකාලික ඇමති මණ්ඩලයක් ලෙස අමාත්‍යවරු සිවුදෙනෙක් දිවුරුම් දෙති

  නව ඇමති මණ්ඩලයක් පත් කරන තෙක් තාවකාලික ඇමති මණ්ඩලයක් ලෙස නව  අමාත්‍යවරු සිවුදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (04)  දහවල් දිවුරුම් දුන්හ.  සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහා මාර්ග ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම් දුන්හ. මුදල්  ඇමැතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ…

මෙය තාවකාලික අර්බුදයක් නොවේ – එජාප නායක රනිල් වික්‍රමසිංහ

වත්මන් ආර්ථික අර්බුදය තාවකාලික බව, සහ එය ඉක්මනින් විසඳෙනු ඇති බව, ආණ්ඩුවේ සහ මහා බැංකුවේ ප්‍රබලයින් පැවසුව ද මෙය තාවකාලික අර්බුදයක් නොවන බවත්, දිගුකාලීන ලෙස පවතින එයට දිගුකාලීන විසඳුම් අවශ්‍ය බවත්, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඉන්දියානු ණය සහනය ප්‍රමාණවත් වන්නේ සති පහකට පමණක් බවත්, ඉන් පසු අර්බුදය තවත්…

ආණ්ඩුවෙන් 50 ක් විපක්ෂයට ; දිගට ම බලයේ සිටීමේ උත්සාහයට විරෝධය !

ජනතා හඬට කන් දී බලයෙන් ඉවත් නොවී ආණ්ඩුව දිගටම බලයේ සිටීමට උත්සහ දැරුවහොත් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 50 දෙනෙකු පමණ තීරණය කොට ඇති බව හිටපු අමාත්‍ය නිමල් ලන්සා මහතා ප්‍රකාශ කොට ඇත. මාධ්‍යවේදීන්ගේ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා අද උදෑසන මේ බව ප්‍රකාශ කොට ඇත. පවතින අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ සියලු…

අන්තර් වාර පාලනය නොදීම ගැන කැරලිකරුවෝ නොසතුටින් ; හෙට ම විපක්ෂයට ; බහුතරයත් ඉවර කරයි !

වත්මන් අර්බුදයට විසඳුම් දීම සඳහා යෝජනා කළ අන්තර් වාර පාලනයක් ගොඩ නැගීම සඳහා ක්‍රියා නොකර අලුත් ඇමති මණ්ඩලයක් පත්කොට ආණ්ඩුව කරගෙන යෑමට දරන උත්සාහය පිලිබඳ සිය නොසතුට ප්‍රකාශ කොට ඇති ආණ්ඩුවේ කැරලිකාර පක්ෂ හෙට ම විපක්ෂයේ අසුන් ගන්න බව ආණ්ඩුවේ නායකයින්ට දැනුම් දී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සෙසු පක්ෂ 10 හෙට…