අන්තර් වාර පාලනය නොදීම ගැන කැරලිකරුවෝ නොසතුටින් ; හෙට ම විපක්ෂයට ; බහුතරයත් ඉවර කරයි !

වත්මන් අර්බුදයට විසඳුම් දීම සඳහා යෝජනා කළ අන්තර් වාර පාලනයක් ගොඩ නැගීම සඳහා ක්‍රියා නොකර අලුත් ඇමති මණ්ඩලයක් පත්කොට ආණ්ඩුව කරගෙන යෑමට දරන උත්සාහය පිලිබඳ සිය නොසතුට ප්‍රකාශ කොට ඇති ආණ්ඩුවේ කැරලිකාර පක්ෂ හෙට ම විපක්ෂයේ අසුන් ගන්න බව ආණ්ඩුවේ නායකයින්ට දැනුම් දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සෙසු පක්ෂ 10 හෙට පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධින වන බව දැනුම් දී තිබේ.

මෙම පක්ෂ කලින් කියා සිටියේ අන්තර් වර පාලනය මේ සතියේ පිහිටුවීමට කටයුතු නොකළ හොත් මෙම තීරණය ගන්නා බවයි.

කෙසේ වෙතත්, එම ඉල්ලීම අනුව කටයුතු නොකොට නව ඇමති මණ්ඩලයක් පත්කොට ආණ්ඩුව පවත්වාගෙන යෑමට ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන පොදුජන පෙරමුණ උත්සාහ දැරීම නිසා සිය තීරණය ඉක්මන් කිරීමට කැරලි කරුවන් තීරණය කොට ඇත.

ඒ සමග ආණ්ඩුවේ තවත් පිරිසක් ඉවත්වනු ඇති බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය ද ආණ්ඩුවට අහිමි වනු ඇති බවත්, අපගේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *