ආණ්ඩුවෙන් 50 ක් විපක්ෂයට ; දිගට ම බලයේ සිටීමේ උත්සාහයට විරෝධය !

ජනතා හඬට කන් දී බලයෙන් ඉවත් නොවී ආණ්ඩුව දිගටම බලයේ සිටීමට උත්සහ දැරුවහොත් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 50 දෙනෙකු පමණ තීරණය කොට ඇති බව හිටපු අමාත්‍ය නිමල් ලන්සා මහතා ප්‍රකාශ කොට ඇත.

මාධ්‍යවේදීන්ගේ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා අද උදෑසන මේ බව ප්‍රකාශ කොට ඇත.

පවතින අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ හවුල් කරගත් භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව ඇතත්, එවැන්නක් නොකර ඇමති මණ්ඩල සංශෝධනයක් පමණක් කරමින් බලය රැක ගැනීමට ආණ්ඩුවේ නායකත්වය උත්සාහ දරමින් සිටින බවට චෝදනා එල්ල වී ඇත.

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කළේ ඇතැම් ඇමති තනතුරු සඳහා විපක්ෂයට ඇරයුම් කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කරනු ඇති බවයි.

කෙසේ වෙතත්, එබඳු පැලැස්තර විසඳුමක් ප්‍රමාණවත් නැති බව ආණ්ඩුවේ ම විශාල මන්ත්‍රී පිරිසකගේ මතය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *