මෙය තාවකාලික අර්බුදයක් නොවේ – එජාප නායක රනිල් වික්‍රමසිංහ

වත්මන් ආර්ථික අර්බුදය තාවකාලික බව, සහ එය ඉක්මනින් විසඳෙනු ඇති බව, ආණ්ඩුවේ සහ මහා බැංකුවේ ප්‍රබලයින් පැවසුව ද මෙය තාවකාලික අර්බුදයක් නොවන බවත්, දිගුකාලීන ලෙස පවතින එයට දිගුකාලීන විසඳුම් අවශ්‍ය බවත්, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඉන්දියානු ණය සහනය ප්‍රමාණවත් වන්නේ සති පහකට පමණක් බවත්, ඉන් පසු අර්බුදය තවත් උත්සන්න වනු ඇති බවත්, ඒ මහතා කියයි.

මෙය සංචාරක ව්‍යාපාරයේ ආදායම් සහ විදේශ ප්‍රේෂණ අඩු වීමේ ප්‍රතිඵලයක් බවත්, එම ලැබීම් ඉක්මනින් යථා තත්ත්වයට පත්වනු ඇති බවත් , මහ බැංකුව කියන නමුත් එම ආදායම් ඉක්මනින් යථා තත්ත්වයට පත් නොවන බව වික්‍රමසිංහ මහතාගේ අදහසයි.

දිගු කාලීනව සැලසුම් කොට නැති සංචාරක ව්‍යාපාරයේ ලැබීම් ඉක්මනින් යථා තත්ත්වයට පත් නොවන බවත්, යුද්ධය නිසා යුක්රේන සහ රුසියානු සංචාරකයින් නොපැමිණීමෙන් තත්ත්වය තවත් බරපතළ වන බවත්, ඒ මහතා පෙන්වා දෙයි.

මුල්‍ය අංශයේ නිලධාරීන් කෙරෙහි දේශපාලන බලධාරීන්ගේ පාලනය ගිලිහී ඇති බවත්, ඔවුන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ නොතකා සහ වැරදි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් අර්බුදය තවත් උත්සන්න වන බවත්, වික්‍රමසිංහ මහතා කියයි.

විඔන් (WION) ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවයේ සාකච්ඡාවක සහභාගී වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *