අරලියගහ මැදුරේ සාකච්ඡාවේ තීන්දුව ; අගමැති සිටිය දී ඇමති මණ්ඩලය අස්වෙයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස් නොවී අනෙක් සියලු කැබිනට ඇමතිවරුන සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇති බව මීට සුළු මොහොතකට පෙර වාර්තා වීය. ඒ අනුව වහ ම නව ඇමති මණ්ඩලයක් පත් කළ යුතු වෙයි.
අරලිය ගහ මැදුරේ පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසුව ගත තීරණයක් අනුව මෙම ඉල්ලා අස්වීම සිදුකොට තිබේ.
නව ඇමති මණ්ඩලයක් දිවුරුම් දීම හෙට 5 දා පාර්ලිමේන්තුව රැස්වීමට පෙර සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙයි
