මහබැංකු අධිපති කබ්රාල් ඉල්ලා අස්වෙයි

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන්  අද (04) පෙරවරුවේ  ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

ඔහු  සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද පෙරවරුවේ යවා  ඇත.

කැබිනට් මණ්ඩලය ඉල්ලා ඇති බැවින්  තමා ද  මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව කබ්රාල් මහතා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ බරපතළ ආර්ථික අර්බුදයක් නැති බව දිගින් දිගට කියූ මහ බැංකු අධිපති කබ්රාල් මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට විරුද්ධ වීය.

කෙසේ වෙතත්, රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ, ඉන්ධන ගෙන්වීමට විදේශ විනිමය සැපයීමට ඔහුට නොහැකි වීම නිසා රට බරපතළ අර්බුදයකට ගමන් කළේය.

අවසානයේ වීදියේ කැරලි ගැසීම දක්වා උත්සන්න වුයේ එම අර්බුදයයි.

ඇමති මණ්ඩලයට ද ඉල්ලා අස්වීමට සිදුවුයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *