මහ බැංකු අධිපති ධුරයට ආචාර්ය නන්දලාල් වීරසිංහ

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කිරීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි.
මහ බැංකු අධිපති ධුරාජ භාරගන්න ලෙස රජය ඒ මහතාගෙන් ඉල්ලා ඇති අතර ඒ මහතා එම ඉල්ලීම පිළිගෙන ඇත.
මේ වනවිට ඕස්ට්‍රේලියාවේ සිටින ප්‍රනාන්දු මහතා දිවයිනට පැමිණ අනිද්දා 7 දා මහ බැංකු අධිපති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත ය.
මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිව සිටි ආචාර්ය වීරසිංහ මහතා විශ්‍රාම ගියේ තවදුරටත් සේවයේ යෙදීමට අවස්ථාව තිබිය දී බවත්, මහ බැංකුවේ පසුගිය කාලයේ මුදල් කළමනාකරණය අනුමත නොකළ නිසා ඒ මහතා ඉවත් වූ බව ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග කියයි
