දැඩි ආරක්ෂාව මැද මහින්ද අරලියගහ මැදුරෙන් පිටවෙයි

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැඩි හමුදා පොලිස් ආරක්ෂාව මැද අද උදේ අරලිය ගහ මැදුරෙන් පිටව ගිය බව වාර්තා වෙයි. කුපිත වූ ජනතාව විසින් වට කර පහරදීමට ලක් වීම නිසා ඊයේ රාත්‍රී වනවිට අරලිය ගහ මැදුරේ ආරක්ෂාවට පොලිසියට අමතරව , යුද , නාවික, ගුවන් හමුදා කණ්ඩායම් ද යොදවා තිබිණි.  

අරලියගහ මැදුර අසල තවමත් ගැටුම් !

    අගමැති නිල නිවස වන අරලියගහ මදුර වටකරගත් ජනතාව තවමත් එයට පහර දෙමින් සිටින බවත්, ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් භාවිත කිරීමෙන් පසුව අහසට වෙඩිතැබීම ද සිදු කල ද ප්‍රහාර දිගට ම සිදුවන බව ද වාර්තා වෙයි. මේ අතර ප්‍රහාරක පිරිසේ ටික දෙනෙකු මැදුරට ඇතුළු වී ඇති බව සහ ඒ දෙසින් ගිනි ගැනීම්…

අරලියගහ මන්දිරයට ගිනි තබයි

ගොටාගොගමට එල්ල වූ ප්‍රහාරයෙන් කුපිත වූ ජනතාව අතරින් පිරිසක් අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි කොටසකට ගිනි තබා ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . අරලියගහ මැදුරට දැඩි පොලිස් සහ හමුදා ආරක්ෂාව යොදා තිබුන ද එම ආරක්ෂාව බිඳගෙන පිරිසක් එහි ඇතුළු වී ඇති බව වාර්තා වෙයි. ඉන්පසු අරලිය ගහ මන්දිරය දෙසින් ගිනිගැනීම් දක්නට ලැබී ඇත. මහජනයා…

රට ම ගිනිතබා අගමැති ඉල්ලා අස්වෙයි

තම මැරයින් ලවා ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කොට රටේ විනාශකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමෙන් පසු අගමැති මහින්ද ඉල්ලා අස් වී තිබේ ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපති වෙත යවා ඇති බව අගමැති කාර්යාලය කියයි.

සාමකාමී විරෝධතාවයට පහර දුන් මහින්දගේ මැරයින්ට කුපිත වූ ජනයාගෙන් දිගට ම ප්‍රති ප්‍රහාර

කොළඹ දී සාමකාමී උද්ඝෝෂයේ යෙදී සිටි පිරිසට පහර දුන් මැරයන්ට සහ මෙහෙය වූ නායකයින්ට රට පුරා කුපිත වූ ජනයාගේ ප්‍රති ප්‍රහාරයන්ට ලක්වීමට සිදුව තිබේ. බස් රථ මගින් කොළඹට ප්‍රවාහනය කර තිබු  මැරයන්ට කොළඹ දී මෙන් ම අතර මග බොහෝ ස්ථානවල දී ප්‍රහාර එල්ල වී ඇත. බස් රථ ගණනාවක් ද ප්‍රහාර නිසා හනිඋය පත්ව තිබේ. ප්‍රහාරය…

අරගලයට බාදා කළොත් සාකච්ඡාවලින් ඉවත්වනවා – රනිල්

හදිසි නීතිය යොදා ගනිමින් රජය විසින් ගොගෝටගම විරෝධතා ස්ථානයට බාධා කළහොත් අර්බුදය විසඳිමට පවත්වන සියලු සාකච්ඡාවලින් ඉවත් වන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහආණ්ඩු පක්ෂ නායකයින්ට දැනුම් දී සිටියි. කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් අද පැවැති පක්ෂ නායක රැස්විම් දි හිටපු අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. එමෙන්ම ජනාධිපතිවරයා විසින් හදිසි නිතිය කැඳවිමේදි පක්ෂ නායකයින්…

මහින්දගේ මැරයෝ ගොටාගමට පහර දෙති ; උද්ඝෝකයන්ගේ සහායට මහ සෙනගක්

අගමැති මහින්ද රාජපක්ෂ විසින් අද උදේ අරලියගහ මැදුරට කැඳවන ලද මැරයින් පිරිසක් මයිනා ගෝ ගම සහ ගෝටාගෝ ගමට පරාර එල්ල කොට කුඩාරම් ආදියට ද ගිනි තබා තිබේ. මැරයන්ට මත්පැන් බෙදා දෙන දර්ශන සමාජ මාධ්‍යයේ පළ කොට තිබේ. අරගල කරුවන් දිගටම උද්ඝෝෂණයේ යෙදී සිටින අතර ඔවුන්ගේ සහයට මේ වන විට විශාල පිරිසක් ගාලු මුවදොර වෙත එක්රැස්…

ඉවත්වන්නේ නැහැ ; ඉවත් කරන්න ; අගමැති ජනාධිපතිට ලියලා ?

  අගමැති  මහින්ද රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමා වෙත යවා ඇති බව ඊයේ වාර්තා වුව ද , අගමැතිතුමා යවා ඇති ලිපිය ඉල්ලා අස්වීමේ ලිපියක් නොවන බවත්, තමා ඉල්ලා අස් නොවන බව සහ ජනාධිපති බලය අනුව ඉවත් කරන ලෙස එමගින් දැනුම් දී ඇති බවත්, අලුත් ම වාර්තා කියයි. පසුගිය කාලයේ තමන් ජනාධිපතිතුමාට රිසි සේ…

පෝලිම්වල ඉන්න එපා ! බෙදන්න ගෑස් නෑ – ලිට්රෝ සමාගම කියයි

ජනතාවගේ අවශ්‍යතාවය අනුව බෙදා හැරීමට ගෑස් සමගම සතුව නැති බවත්, එබැවින් පෝලිම්වල රැඳී නොසිටින ලෙසත්, ලිට්රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියයි. ගෑස් රැගත් නැව් දෙකක් සිකුරාදා සහ සෙනසුරාදා පැමිණෙන බවත්, එතෙක් ගෘහස්ත ගෑස් ලබාදිය නොහැකි බවත්, සමාගම කියයි.

අගමැති මහින්ද ඉල්ලා අස්වීම යැවූ බවට වාර්තා

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමා වෙත යවා ඇති බව වාර්තා වෙයි. අනුරාධපුර වන්දනා ගමනින් පසු කොළඹ පැමිණි අගමැතිතුමා සිය ඉල්ලා අස්වීම යැවූ බව එම වාර්තා කියයි. මේ පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කොට නැත. එම නිල ප්‍රකාශය හෙට උදේ සිදුකරනු ඇති බව විශ්වාස කෙරෙයි. අගමැතිතුමාගේ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකු මේ…

වඳින්න ගිය අගමැතිට ගිය ගිය තැන විරෝධතා

    අද දින අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, සහ මිරිසවැටිය වඳින්න ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එම ස්ථාන තුනේ දීම විරෝධතාවන්ට මුහුණ දීමට සිදු වූ බව වාර්තා වෙයි. එමෙන් ම , යනයන තැනින් විරෝධතා එල්ල වීම නිසා වන්දනා ගමන අතරමග නවතා දැමීමට ද සිදු වී තිබේ. පළමුවෙන් ශ්‍රී මහා බෝධිය වෙත ගිය අගමැතිතුමාට…

අන්තර් පාලනයේ අගමැති ධුරයට සජබයෙන් කරු මැති සබයට ?

සර්ව පාක්ෂික අන්තර් වාර පාලනයක අගමැති තනතුරට හිටපු කතානායක දේශබන්දු කරු ජයසුරිය මහතාගේ නම යෝජනා වී ඇති බවත්, එය පිළිගතහොත් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මයන්ත දිශානායක මහතා ඉල්ලා අස් වී කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමටත් යෝජනා ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙයි. අන්තර් වාර පාලනයක අගමැති තනතුරට සියලු දෙනාට එකඟ විය…