අරලියගහ මන්දිරයට ගිනි තබයි

ගොටාගොගමට එල්ල වූ ප්‍රහාරයෙන් කුපිත වූ ජනතාව අතරින් පිරිසක් අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි කොටසකට ගිනි තබා ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි .
අරලියගහ මැදුරට දැඩි පොලිස් සහ හමුදා ආරක්ෂාව යොදා තිබුන ද එම ආරක්ෂාව බිඳගෙන පිරිසක් එහි ඇතුළු වී ඇති බව වාර්තා වෙයි.
ඉන්පසු අරලිය ගහ මන්දිරය දෙසින් ගිනිගැනීම් දක්නට ලැබී ඇත.
මහජනයා තවමත් ඒ අසල විරෝධතාවයේ යෙදී සිටිති.
මේ අතර ආණ්ඩුවේ දේශපාලඥයින්ගේ නිවෙස් රාශියක් ද මේ වනවිට ගිනි තබා තිබේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, අරුන්දික ප්‍රනාන්දු, සනත් නිශාන්ත, ඇතුළු දේශපාලඥයින් රාශියකගේ නිවෙස් මෙලෙස ගිනිබත් කොට තිබේ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
