අරලියගහ මැදුර අසල තවමත් ගැටුම් !

 

 

අගමැති නිල නිවස වන අරලියගහ මදුර වටකරගත් ජනතාව තවමත් එයට පහර දෙමින් සිටින බවත්, ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් භාවිත කිරීමෙන් පසුව අහසට වෙඩිතැබීම ද සිදු කල ද ප්‍රහාර දිගට ම සිදුවන බව ද වාර්තා වෙයි.

මේ අතර ප්‍රහාරක පිරිසේ ටික දෙනෙකු මැදුරට ඇතුළු වී ඇති බව සහ ඒ දෙසින් ගිනි ගැනීම් දක්නට ලැබුණු බව ද වාර්තා වීය.

කෙසේ වෙතත්, ඒ වෙත පැමිණ සිටින කුපිත වූ විශාල පිරිසක් විසුරුවා හැර අරලියගහ මදුර රක ගැනීමට පොලිසියේ සහ හමුදාවේ විශාල පිරිසක් එහි කැඳවා ඇති බව ද වාර්තා වෙයි.

කඳුළු ගෑස් ප්‍රහාරයෙන් සහ අහසට වෙඩි තැබීමෙන් පසුව ද පිරිස ඉවත්ව ගොස් නැති ගැටුම් දිගට ම පවතින බව වාර්තා වෙයි.

ගැටුමෙන් අරලිය ගහ මැදුරට විශාල ලෙස හානි සිදු වී ඇති බව කියතත් එම හානි ගැන තහවුරු කළ වාර්තා ලැබී නැත.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *