ඉවත්වන්නේ නැහැ ; ඉවත් කරන්න ; අගමැති ජනාධිපතිට ලියලා ?

 

අගමැති  මහින්ද රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමා වෙත යවා ඇති බව ඊයේ වාර්තා වුව ද , අගමැතිතුමා යවා ඇති ලිපිය ඉල්ලා අස්වීමේ ලිපියක් නොවන බවත්, තමා ඉල්ලා අස් නොවන බව සහ ජනාධිපති බලය අනුව ඉවත් කරන ලෙස එමගින් දැනුම් දී ඇති බවත්, අලුත් ම වාර්තා කියයි.

පසුගිය කාලයේ තමන් ජනාධිපතිතුමාට රිසි සේ රට පාලනය කිරීමට ඉඩ දුන් බවත්, සිදු වූ සියලු වැරදිවලට වගකිව යුත්තා ජනාධිපතිතුමා බවත්, එම ලිපියේ සඳහන් කොට ඇති බව ද කියති.

රසායනික පොහොර තහනම වැනි වැරදි තීන්දු ගත්තේ ජනාධිපතිතුමාගේ හිතුවක්කාර තීරණ ලෙස බව ද එමගින් පෙන්වා  දී තිබේ.

එබැවින් තම ඉල්ලා අස් නොවන බව එමගින් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

මෙලෙස අගමැතිතුමාගේ ඉල්ලා අස්වීම ගැන පරස්පර විරෝධී වාර්තා ලැබෙමින් පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *