සාමකාමී විරෝධතාවයට පහර දුන් මහින්දගේ මැරයින්ට කුපිත වූ ජනයාගෙන් දිගට ම ප්‍රති ප්‍රහාර
කොළඹ දී සාමකාමී උද්ඝෝෂයේ යෙදී සිටි පිරිසට පහර දුන් මැරයන්ට සහ මෙහෙය වූ නායකයින්ට රට පුරා කුපිත වූ ජනයාගේ ප්‍රති ප්‍රහාරයන්ට ලක්වීමට සිදුව තිබේ.
බස් රථ මගින් කොළඹට ප්‍රවාහනය කර තිබු මැරයන්ට කොළඹ දී මෙන් ම අතර මග බොහෝ ස්ථානවල දී ප්‍රහාර එල්ල වී ඇත. බස් රථ ගණනාවක් ද ප්‍රහාර නිසා හනිඋය පත්ව තිබේ.
ප්‍රහාරය සංවිධානය කළ සහ එයට සහභාගී වූ දේශපාලඥයන්ට, ඔවුන්ගේ නිවෙස්වලට සහ කාර්යාලවලට ද ප්‍රහාර එල්ල වෙමින් පවතියි.
කුරුනෑගල පුරපතිගේ නිවෙස, ඇමති ජොන්ස්ටන්ගේ කාර්යාලය ඇතුළු දේපල රැසක් විනාශ කොට තිබේ.
ජීවිත කිහිපයක් ද විනාශ වී ඇති බව වාර්තා වෙයි.
