අගමැති මහින්ද ඉල්ලා අස්වීම යැවූ බවට වාර්තා

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමා වෙත යවා ඇති බව වාර්තා වෙයි.

අනුරාධපුර වන්දනා ගමනින් පසු කොළඹ පැමිණි අගමැතිතුමා සිය ඉල්ලා අස්වීම යැවූ බව එම වාර්තා කියයි.

මේ පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කොට නැත. එම නිල ප්‍රකාශය හෙට උදේ සිදුකරනු ඇති බව විශ්වාස කෙරෙයි.

අගමැතිතුමාගේ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකු මේ වනවිට සිය බඩු මුට්ටු, ලිපි ලේඛන රැගෙන අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇති බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *